මනාප ඡන්ද ක්‍රමය දැන් මිනිසුන්ට තිත්ත වෙලා - අමරවීර
මනාප ඡන්ද ක්‍රමය මිනිසුන්ට දැන් තිත්ත වෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලනය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා යැයි විදුලිබල සහ බලශක්ති, ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද අඟුණකොළපැලැස්සේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
මහින්ද අමරවීර මහතා මෙසේද පැවසුවේය,
පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ 225ටම බෝම්බ ගහන්න කියපු යුගයක් තිබුණා. එයට හේතුව ඒ පාර්ලිමේන්තුවේ සමහර අය එතනෝල්වලට සම්බන්ධ අය, සූදුවලට ජාවාරම්වලට පාතාලයට චන්ඩිකම්වලට හුරුවුණ අය සහ අශීලාචාර විදියට හැසිරුණ අය දැක්ක නිසායි එහෙම කිව්වේ. පාර්ලිමේන්තුවට යවන්නේ ගහගන්න නෙවෙයි. එහෙම අය යැවීමෙන් රටට හොඳක් වෙන්නේ නැහැ.
මගේ දේශපාලනයේ කිසි කෙනෙකුට විවේචන නැහැ. මම ඉන්න කිසිම දේශපාලන වේදිකාවක තවත් අපේක්ෂකයෙක්ට ඡන්දෙ දෙන්න එපා. එයා හොඳ නැහැ. එයාව සුදුසු නැහැ කියන්නේ නැහැ. මනාප ඡන්ද ක්‍රමය මිනිස්සුන්ට දැන් තිත්ත වෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා. අපිටත් විවිධ දේවල් කියනවා. මම ඒ අයට කියන්නේ පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නැහැ කියලා. මම ඒවා සාවදානව අහගෙන ඉඳලා අවශ්‍ය වේලාවට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවා. එක එක්කෙනාට උත්තර දෙන්න යන්නේ නැහැ. චරිත ඝාතන, මඩ, අපහාස කිරීම් දේශපාලනය නෙවෙයි. උගත් බුද්ධිමත් අයගේ ඡන්දය තර්ජනය කරලා රවටලා ගන්න බැහැ. අපි මේ සියල්ලන්ගෙන්ම බලාපොරෝත්තු වෙන්නේ ගෝඨාභය මහත්තයාට තුනෙන් දෙකේ බලය ලබා දෙන්නයි යැයිද පැවසීය.
අනිෂා මානගේ

popular news
-
රාජදුරගේ Sunday, 05 July 2020 08:58 PM
මනාප ඡන්ද ක්‍රමය වාගේම ඔබතුමාත් ජනතාවට තිත්තම වෙලා ඇයිද කියනවානම් ඔබ යටතේ ඇති විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයා සූරා කනවා.උදාහරණයකින් කියන්නම් එක් නිවසක මාසික විදුලි පාරිභෝජනය ඒකක 96 යි.මාසයට අයකිරීම 1475 යි.තව ගෙදරක විදුලි පාරිභෝජනය ඒකක 95 යි මාසයට අයකිරීම 1562 යි මොනවද ඇමතිතුමා ඔබගේ ආයතන වල සිදුවෙන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

