මන්නාරම් සමූහ මිනීවළේ ඉදිරි කැනීම් කටයුතු පිළිබඳ වාර්තා කිරීම තහනම්

මන්නාරම් සතොස ගොඩනැගිල්ල ආසන්නයේ හමු වූ සමූහ මිනීවළේ ඉදිරි කැනීම් කටයුතු පිළිබඳ වාර්තා කිරීම තහනම් කරමින් මන්නාරම් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.
අදාළ විශේෂඥ පරීක්ෂණය හේතුවෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව මන්නාරම් මහේස්ත්‍රාත් ටී.ජී. ප්රභාකරන් මහතා විසින් සියලුම දේශීය ,විදේශීය මාධ්‍ය විද්‍යුත්, මුද්‍රිත හා සමාජජාලා වෙත අදාළ නියෝගය ලබා දී ඇති අතර යම් හෙයකින් කැණීම් මාධ්‍යයට වාර්තා කිරීමට නම් නිසි අවසරයක් ගත යුතු බව එම නියෝගයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ
popular news
-
කෝලිත Thursday, 09 August 2018 02:45 PM
BBC එක record කරපුව ආපහු ගත්තද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

