මධ්‍යම ලේ බැංකුවේ වෛද්‍යවරුන් වර්ජනයකට
මධ්‍යම ලේ බැංකුවේ සිදුවන අවධිමත් ක්‍රියා පිළිවෙත නවතා දැමීමට බලධාරීන් කටයුතු නොකරන නිසා එයට එරෙහිව මේ මස 09 වැනිදා සිට එම ආයතනයේ වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම ආයතනයේ තොරතුරු පිටස්තර පුද්ගලයන් අතට පත්කිරීම හා ආයතනයේ වෛද්‍යවරුන් අපහසුතාවට පත්වන ආකාරයට වැඩ බලන අධ්යක්ෂවරයා කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා එයට විරෝධය පා මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බවත්, මේ අනුව මුලින්ම මධ්‍යම ලේ බැංකුවට ලේ එකතු කරගැනීමේ කටයුතුවලින් ඉවත්වන බවත් ඔහු පවසා සිටියේය.
එහෙත් මධ්‍යම ලේ බැංකුවේ ගබඩා කර තිබෙන ලේ නිකුත් කිරීම සිදුකරන බවත්, ලේ එකතු කිරීමක් සිදුනොවූ පසු ටික දිනකින් නිකුත් කිරීමට ලේ නොමැති වන බවත් හෙතෙම සඳහන් කළේය.

popular news
-
Ruwan Thursday, 05 July 2018 06:45 PM
අහිංසක මිනිසුන්ව බිල්ලට ගන්න බලා සිටින මොවුන්ට හොඳ පාඩමක් මහජනතාව ළඟදීම දෙනු නියතය. ඔබලාගේ හොරකම් ප්‍රසිද්ද කිරීම යනු බුද්ධි අංශ තොරතුරු පිටට දීමක් නොව තනිව බුක්තිවිඳි සැප සැමට බෙදාදීමට කටයුතු කිරීමකි. නුගත් මොධයිනි ඔබගේ මේ ක්‍රියාවන්ට බුදුදහමෙන් මෙම ආත්මයේදීම නිසි දඬුවම් ලබා දෙනු ඇත.
Reply : 0 1
Don Friday, 06 July 2018 08:39 AM
Now GMOA is dancing with Blood after SAITM stage play
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

