මධ්‍යම පළාතේ දෛනික ආසාදිතයින් ඉහළට
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව දක්වා වූ පැය විසි හතරක් තුල නව ආසාදිතයින් 440දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ආසාදිතයින් 55,547ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 01 වනදා වන විට මහනුවරදිස්ත්රික්කයෙන් ආසාදිතයින් 28,129ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11,965ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 15,453 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී තිබේ.
ගෙවී ගිය පසුගිය පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 440දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් ආසාදිතයින් 270දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133දෙනෙකුවශයෙන් වාර්තා වී ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 1440ක් අද දක්වා වාර්තා වී තිබිණ.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

