මධ්‍යම පළාතේ දිනක් තුළ කොවිඩ් ආසාදිතයින් 725ක්
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව දක්වා වූ පැය විසි හතරක් තුල නව ආසාදිතයින් 725 දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ආසාදිතයින් 51,446ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට අද වන විට මහනුවරදිස්ත්රික්කයෙන් ආසාදිතයින් 25,757ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11,774ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14,773 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී තිබේ.
ගෙවී ගිය පසුගිය පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 725දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් ආසාදිතයින් 322දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 214දෙනෙකුවශයෙන් වාර්තා වී ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 276 දෙනෙකු වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 1392ක් ඊයේ 29 වනදා දක්වා වාර්තා වී තිබිණ.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

