මධ්‍යම පළාතේ දිනක් තුළ ආසාදිතයින් 339ක්
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද දක්වා වූ පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 339දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින්මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව 20694 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11062 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5125ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4846 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 339 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් ආසාදිතයින් 235දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 134දෙනෙකුනුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මේ වන විට කොවිඩ් මරණ 382 ක් වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ235 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ78 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 74 ක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 382 ක්ද වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                