මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන් 684ක්
මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (08 පෙරවරු 6.00 වන විට) 684 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මහනුවවර දිස්ත්‍රික්කයේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව හාරසීය ඉක්මවීමත්, නුවරළිය දිස්ත්‍රික්කයේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව දෙසීය ඉක්ම වීමත්, මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ හා නුවරළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාසවල වාර්තාවන රෝගීන් සියය ඉක්මවා යාමත් සිදුවී ඇත.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 404 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 225 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55 දෙනෙකුද වාර්තා වී ඇත.
දෙසැම්බර් 08 දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 56 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 24 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් වශයෙනි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 31 ක් වශයෙනි.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණින් වාර්තා වේ. ඒ ආසාදිතයින් 108 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 107කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, ගලේවෙල සෞඛ්‍ය ද්‍යෛ නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 09 කි.
මේ අතර මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කොරෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක දෙසැම්බර් 08 දින දින වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 647 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල දෙසැම්බර් 08 දින පෙරවරු 6.00 වන විට රෝගීන් 66ක් ඇතුළත්කර ඇති අතර එදින සුවය ලබා පිටවූ සංඛ්‍යාව 06 දෙනෙකි
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

