මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා පළාතේ සිසු නිපුණතා සාධන බැලීමේ පරීක්ෂණ විභාගය සඳහා එවා තිබූ ප්‍රශ්න පත්‍රය දැඩි දෝෂ සහිත බවත් එමෙන්ම 2015 වසරේ මුද්‍රණය කළ ප්‍රශ්න පත්තරයක් බව ගුරුවරු චෝදනා නගති.
මධ්‍යම පළාතේ පාසැල් වලට 25 දින 5 ශ්‍රේණියේ මව්බස ප්‍රශ්න පත්‍රය මෙසේ එවා තිබුණු බවත් ඒවායේ ඇති ප්‍රශ්න නොමැතිව උත්තර පමණක් පැවැති බවත් ඇතැම් ස්ථානවල උත්තරය පවා සඳහන්ව තිබුණු බවට ගුරුවරු චෝදනා කරති.
ප්‍රශ්න පත්තරේ ඉදිරි කොටසේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මහනුවර නමින් සඳහන් කොට සිසු නිපුණතා සාධනය මැන බැලීමේ පරීක්ෂණය 2015 නමින් නම් කොට තිබෙන බවත් එහෙත් ප්‍රශ්න පත්‍රයේ අවසාන කොටසේ යට තීරුවේ සිසු නිපුණතා මැන බැලීමේ පරික්ෂණය 2019 මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලෙස නම් කොට ඇතැයි ගුරුවරු පෙන්වා දෙති.
ඇතැම් විට 2015 වසරේ මුද්‍රණය කළ ප්‍රශ්න පත්තරයක් මෙසේ ඉතා සූක්ෂම ලෙස නැවත වරක් පළාතේ පාසල්වල දරුවන්ට එවා ඇතැයි ගුරුවරු සැක පළ කරති. එහෙත් මුද්‍රණය දෝෂයක් සිදු වූයේ නම් යට කොටසේ 2019 සඳහන් වූයේ කෙසේ දැයි ඔවුහු ප්‍රශ්න කරති. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා කොපමණ මුදලක් වියදම් කර ඇත්ද එසේත් නොමැති නම් මේවා මුද්‍රණය කිරීමට පෙර සොයා බැලුවේ ද යන්න ප්‍රශ්නයක් පැන නගින බව ද ගුරු වෘත්තීය සමිති චෝදනා කරති.
මෙම දෝෂ සහිත ප්‍රශ්න පත්තරය මධ්‍යම පළාතේ පාසල් සඳහා බෙදාහැරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතාගෙන් විමසිමේදී කියා සිටියේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවය. එම ප්‍රශ්න පත්තරය පිළිබඳව තමා කඩිනමින් සොයා බලන බවත් හැකියාවක් ඇත්නම් මාධ්‍යවේදීන් ලද පවතින ප්‍රශ්න පත්තරය තමාට ජංගම දුරකථනයට එවන ලෙස ද ඔහු ඉල්ලීමක් කළේය. මේ පිළිබඳව තමා සොයාබලන බවද හෙතෙම සඳහන් කළේය. මධ්‍යම පළාත් සභාව මෙම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා කොපමණ මුදලක් වියදම් කළේ ද යන්න විමසීමේදී ලේකම්වරයා කියා සිටියේ තමාට ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් ඉලක්ක කීමට නොහැකි බවය.
පසුව අප මෙම ප්‍රශ්න පත්තර මුද්‍රණය සිදු කොට ඇති මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ . පී .ටී .කේ . ඒකනායක මහතාගෙන් මේ පිළිබඳව විමසිමේදී කියා සිටියේ කඩිනමින් තමන් මේ පිළිබඳව සොයා බලන බවත් එම අවස්ථාවේම තවත් සේවිකාවක සම්බන්ධ කරගෙන ඇයගෙන් ද ප්‍රශ්න කරමින් ඒ මහතා කියා සිටියේ 2015 ලෙස සටහන්ව ඇත්තේ වැරදීමකින් බවය. එහෙත් ප්‍රශ්න පත්තරේ ඇති අනෙකුත් දෝෂ සහිත ඒවා මුද්‍රණය කිරීමේදී අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාල වලින් සිදුවිය හැකි වරදක් විය හැකියැයි හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් 2015 මුද්‍රණය කර තිබුණත් 2019 යටින් මුද්‍රණය වි තිබිම නිසා ප්‍රශ්නයක් නොමැති බව හෙතෙම සඳහන් කළේය.
