මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට මාස 03කට අධික කාලයක් පැවති වියළි කාළගුණය නිමා කරමින් අද (29) දා පස්වරුවේ පැයක පමණ කාලයක් වර්ෂාව ඇද හැලුණි.
මාස කීපයක් තිස්සේ පැවති වියළි කාළගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම 50% කට වඩා මේ වන විට පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරූවෝ පවසති.
ජාතික ජල විදුලිබල පදධතියට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියොන් යන ජල විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ, මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර