මදුෂ්ව ලංකාවට ගෙනාවොත් නීතිය ක්රියාත්මක කරන්න දේශපාලනඥයින් ඉඩ දෙන්නෑ - විජිත
මාකදුරේ මදුෂ් නැමැති පතාල සමාජිකයා මෙරටට ගෙන එන්නේ නම් මෙරට තුළදි නිසි පරිදි නීතිය ක්රියාත්මක කිරිමට දේශපාලනඥයින් ඉඩ ලබා නොදෙනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ඊයේ 09 මාවනැල්ලේදි පැවති ආසන බල මණ්ඩල රැස්විමේදි ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විජිත හේරත් මහතා,
මුළු රටම දැක්කා මදුෂ් සමග ගණුදෙනු කරන දේශපාලනඥයින් කවුද කියලා. දකුණේ ප්රබල ඇමැතිවරුන් මන්ත්රීවරුන් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්රීවරු මදුෂ් එක්ක ගණුදෙනු කරලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවෙත් ප්රශ්න කළේ මදුෂ් එක්ක ගණුදෙනු කරපු දේශාපාලනඥයින් කවුද කියලා හෙළි කරන්න කියායි. එක කලහොත් රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන් මේ කුඩු ජාවාරම් පිටුපස්සේ හිටපු ඇමැතිවරු මන්ත්රීවරු කවුද කියලා.
මදුෂ්ට හරියට නිතීය ක්රියාත්මක වෙයි කියලා අපිට කියන්න අමාරුයි. මොකද අපි දන්නවා මේ රටේ මහා පරිමාණයෙන් කුඩු ජාවාරම්කරුවන් මිට පෙරත් අල්ලාගෙන නීතිය හරියට ක්රියාත්මක වුයේ නැහැ. ඒවායෙන් ලෙස්සා ගියා. මදුෂ් ලංකාවට ගෙනාවොත් ඒ ගැටලූව ඇති වෙන්න පුළුවන්. ඩුබායි වලදි මදුෂ් සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුව ලංකාවේ නීතියට වඩා හොඳයි. ඒ වාගේම ලංකාවට ආවොත් ඔහුව බේරා ගන්න ලංකාවේ දේශපාලනයේ ගොඩාක් අය ඉන්නවා.
මදුෂ්ලා පමණක් නොවෙයි මෙ රටේ බිහි වු සොත්ති උපාලි වාගේ අපරාධකරුවන්ගේ සිට සියලූ පතාල ක්රියාකරුවන් මත්කුඩු ජාවාරම්කරුවන් නිර්මාණය කරන්න ඔවුන්ට අනුබල දෙන්න ඔවුන්ට ආරක්ෂාව ලබා දුන්නේ අපේ රටේ දේශපාලනඥයින්. ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණියොත් මේ සියලූ ක්රියාකාරකම් නවත්වනවා. කුඩු ජාවාරම් නැති කරන එකත් එච්චර අමාරු වැඩක් නොවෙයි. ඒ සඳහා මේ සමාජය තුළ මිනිසුන්ට ජිවත් විමට හොඳ ආර්ථීක වටපිටාවක් සකස් කර දිය යුතුයි.
අඩුම ගානේ අපේ රටේ ගුවන් තොටුපලෙන් එන පුද්ගලයා ගෙන්නේ මොනවාද කියන එක පරික්ෂාවට ලක් කරන්න. නිසි ක්රමවේදයක් තවමත් ක්රියාත්මක වෙන්නේ නැහැ. වෙනත් පාරවල් වලිනුත් අපේ රටට මත්කුඩු එනවා ඒවා නවත්වන්නට මේ ආණ්ඩුවට හැකියාවක් ලැබි නැති බවද පැවසීය.

popular news
-
Champa Sunday, 10 February 2019 04:54 PM
මොන විදිහකටවත් මදුෂ්ව ලංකාවට ගේන්න ඉඩ තියන්න හොඳ නැහැ. ඒ රටේ කරපු වැරැද්දට දඬුවම් විඳින්න දෙන්න ඕනේ ඒ රටේදී. මිනී මරුම මංකොල්ල කෑම් ස්ත්රී දෝෂණ වලින් ජීවිත විනාශ කරපු, ලක්ෂ ගණන් තරුණ ජීවිත මත් කුඩු වලින් විනාශ කරපු මේ මිනිහට ඉතාම දැඩි, උපරිම දඬුවම දෙන්න කියලා ඩුබායි පොලිසියට කියනව මිසක් කරන්න ඕනේ මෙහෙට ගෙන්නන එක නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
