මද්රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බලනවා - GL
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
මද්රාසා පාසල්වල ඉගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිලිබද දැඩිව අධීක්ෂණය කළ යුතු බවත්, පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල ඉගැන්වීමට එවැන්නන් යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාළ පුද්ගලයන්ගේ තොරතුරු සහ පසුබිම සොයා බැලීමට ක්‍රියා කළ යුතු බවත් සඳහන් කළේය. මද්රාසා පාසල්වල ඉගැන්වීමට අවසර ලබාදෙන පුද්ගලයන් සම්බන්ධව මෙන්ම, උගන්වනු ලබන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය, ඇතුළු සියලු කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මද්රාසා පාසල් අධික්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යුතුකමක් පැවරී ඇති බවත් එම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
Deepal Nirosh Saturday, 21 November 2020 12:38 PM
සොයා බලනවා? ඔය වැඩේ නම් ඇමතිතුමා කාටත් කරන්න පුළුවන්. අවශ්‍ය පියවර වෙන්නෙ මේ මද්රාසා පාසල් කෝවිඩ්-19 වෛරසය වගේ පැතිරීම වළක්වා ගැනීමයි.
Reply : 0 0
dhamneth Saturday, 21 November 2020 02:49 PM
70 dasakayedi ayuthu asadharana lesa thel mila wadikalahama mada peradigata anikuth ratawala mudal madaperadigata galayanna patangaththa .ithin madaperadiga aththanta ema mudal hodin thama ratawalwala diyunuwata yodaganimata ingisi danuma awasyawuna ,ingisi uganwanna ape raten ingisi guruwaru gaththa .dan ape rate madasa pasalwala uganwanna ehen guruwaru ape ratata genawa.dan thamayi ape ratata madaperadiga bhasa awasya wi thibenne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

