මැදපෙරදිග සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට
මැදපෙරදිග රටවල් දෙකක රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 188 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 11/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
11/24 දින අලුයම 12.45 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු රැගෙන අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
11/24 දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
11/24 දින අලුයම 5.25 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 90 දෙනෙකු රැගෙන දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී කොළඹ නවලෝක සහ ලංකා යන පෞද්ගලික රෝහල් වල කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කළ අතර , ඉන්පසුව මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

