මතුගම ශාන්ගේ ප්‍රධානම ගෝලයා ඩුබායි සිට ලංකාවට ගෙන එයි
මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත් අඩංගුවට ගෙන 08/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
මොහු මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ ප්‍රධානතම ගෝලයා බව සදහන් වේ.
මොහු 08/29 දින අලුයම 05.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබූණි.
කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය වෙත ගොස් මෙම අපරාධ කල්ලි සාමාජිකයා අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන මතුගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත භාර දීමට කටයුතු කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

