මත්ද්‍රව්‍ය විරෝධී සටන IS ප්‍රහාරය ඉක්මන් වෙන්න හේතුවක් වෙන්න ඇති- ජනපති
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් අයි.එස්. සංවිධානය ලංකාව තුළ සිදුකළ ප්‍රහාරය ඉක්මන් වෙන්න හේතුවක් විය හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ජනපතවරයා මේ බව සඳහන් කළේය.
"ලෝකයේ ආගමික අන්තවාදය හා මත්ද්‍රව්‍ය වෙළඳාම අතර දැඩි සම්බන්ධතාවක් තිබෙනවා. ආගමික අන්තවාදයත් ජාත්‍යන්තර නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමත්, ජාත්‍යන්තර යුද අවි ජාවාරමත් එකට යන ජාවාරම්.
මත්ද්‍රව්‍ය හා ත්‍රස්තවාදය අතර තිබෙන්නේ දැඩි බැඳීමක්. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රභල ආදායමක් වුණේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම.
ඇතැම්විට අයිසීස් සංවිධානය මේ ප්‍රහාරය ඔවුන්ගේ අරමුණු අනුව අනිත් රටවලට පහර දීම ගැන හිතලා ලංකාවටත් පහර දෙන්න ඇති. නමුත් ඒ පහරදීම මගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ නිසා ඉක්මන් වුණා වෙන්නත් පුළුවන්"

popular news
-
dayan Friday, 26 April 2019 11:57 AM
ලකුණු දාගන්න හදනවා.
Reply : 26 10
Champa Friday, 26 April 2019 05:47 PM
බම්බු IS. ලංකාව IS mpa එකේ තිබුනෙවත් නැහැ. ඒ මොකොද IS වල විරෝධය තියෙන්නේ ක්‍රිස්තියානි රටවල් එක්ක. ලංකාව බෞද්ධ රටක්. අර අහුවෙහ්ච්ච එක මිනිහෙක් කියන්නේ තමන්ව පුහුණු කලේ ලංකාවේ කියලා.
Reply : 0 0
Kuamar Friday, 26 April 2019 07:30 PM
මත්ද්‍රව්‍ය නිසා ක්‍රිස්තියානි දේවස්ථානවලට සහ හෝටල් වලට පමණක් පහර එල්ලකල හේතුව අපට පහදලා දෙනවද? මේ ප්‍රහාර එල්ලකළ අය කෝටිපතියෝ වෙලා තිබෙන්නේ වෙනත් වෙළද ද්‍රව්‍ය විකිණීමෙන් බව අපි දැනට අහල තිබෙන්නෙ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

