මත්ද්‍රව්‍ය මැඩලිමට සහය දිමට මාලදිවයින් ජනපති එකඟ වෙයි
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින ,ශ්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වි ඇත.
දිවයිනට පැමිණ සිටින මාලදිවයන ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් අතර මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගෙන යන විශේෂ වැඩපිළිවෙළත්, ඒ පිළිබඳ එතුමාගේ කැපවීමත් මෙහිදී මාලදිවයින ජනාධිපතිතුමාගේ දැඩි පැසසුමට ලක් විය.
දීර්ඝකාලීන මිත්‍ර රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන් ම වෙළෙද, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන සහ නාවුක ක්ෂේත්රවලට අදාළව දෙරට අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ එම ක්ෂේත්රවලට අදාළව නව ගිවිසුම් ඇතිකර ගැනීම පිළිබඳව ද මෙහි දී නායකයන් සාකච්ඡා කළහ.
එමෙන් ම දෙරට අතර ඒකාබද්ධ වෙළෙද අවස්ථා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

popular news
-
Champa Tuesday, 05 February 2019 06:04 PM
මේකේ title එක දැක්කහම මට හිනා ගියා. ජනාධිපතිතුමා හොඳ game කාරය. Social media වල විශාල වශයෙන් අපහාස අවලාද යනකොට මහින්දට අගැමතිකම දුන්න. දැන් ඒකාබද්ධ විපක්ෂේ අඩංගුයි. රනිලුත් අඩංගුයි. ඊට පස්සේ දින 50 වැඩෙන් විශේෂයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරපු එකට ලෝකේ පුරා අවමානෙට ලක් වෙන කොට දැන් මත්ද්‍රවය කතාව ඉස්සරහට දැම්ම. ඊළඟට මක් කරයිද දන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

