මත්තල ඉන්දියාවට විකිණීමේ සූදානමක - ජානිපෙ
ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැමිණි ඉන්දීය ආයෝජකයන් පිරිසක් ඊයේ (03දා) මත්තල ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකවකට එක්ව සිටි බවත් එය ඉදිරියෙදී ඉන්දියාවට විකිණිමේ සූදානමක පෙර නිමිත්තක් බවත් ජාතික නිදහස් පෙරමුණු ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.
“ඊයේ (03දා) ඉන්දියානු මහ කොමසාරිස්වරයා තම රටේ ආයෝජකයන් පිරිසක් සමග මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියා. හම්බන්තොට වරාය චීනයට විකුණා දැමුවාට පසු හම්බන්තොට වරාය අසල ප්‍රදේශයේ බලය චීනය තහවුරු කරගෙන තිබෙනවා.
දැන් අපේ නාවික හමුදාවට හම්බන්තොට වරායේ ජැටිය භාවිත කිරීම වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුව තිබෙනවා. ඇමෙරිකාව සහ ඉන්දියාව දකිනවා, චීනය හම්බන්තොට වරාය සතු කර ගැනීම තමන්ට තර්ජනයක් කියා. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා මත්තල ගුවන්තොටුපළ අත්පත් කර ගැනීමට. ඒ අනුව මේ ආණ්ඩුව නොවටිනා බව පෙන්වීමට වී වේළීමට යොදාගත් මත්තල ගුවන්තොටුපළ මේ වසර අවසන් වීමට ප්‍රථමයෙන් තුට්ටු දෙකට ඉන්දියානු සමාගමකට විකුණා දැමීමට සූදානම්ව සිටිනවා.
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවටත්, හම්බන්තොට වරාය චීනයටත් හිමිවූ පසු ජාත්‍යන්තර ඔත්තු සේවා දැඩි ලෙස මේ රට තුළ ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. එය මේ රටේ ජාතික ආරක්ෂාවට සහ ජනතාවගේ සාමකාමී පැවැත්මට දැඩි සේ බලපාවි. ඒ තත්ත්වයට රට පත්කරන‘මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීමට’එරෙහිව සියලු සාමකාමී ශ්‍රී ලාංකික ජන කොටස් අත්වැල් බැඳ ගත යුතුයි’’ යැයි අදහස් දක්වමින් ලේකම්වරයා පැවසීය.

popular news
-
Ruwan Wednesday, 04 July 2018 08:05 PM
ඔබ කොහෙද හිටියේ ශාන්ග්රිල්ල හෝටලේට හමුදාව අසල ඉඩම විකුනනකොට. නිකන් ගැලරි කතා නවත්වල දැන්වත් බිමට බැහැල බලන්න ඔබට චන්ද පදනමන් නොමැති බව.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

