රුපියල් ලක්ෂ 16ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සමග මහා පරිමාණයෙන් මත්කුඩු ඡාවාරමේ නිරතව සිටි කෝටිපති මාළු ව්‍යාපාරිකයෙකු කාන්තාවක් හා ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ දුෂණ මර්දන අංශය පවසයි.
කොටිපති මාළු ව්‍යාපාරිකයා හා කාන්තාව ළග තිබි හෙරොයින් මත්කුඩු ග්රැම් 505ක් හා මිලිග්රැම් 220ක් සොයාගත් බවද පොලිසිය පවසයි. කෝටිපති මාළු ව්‍යාපාරිකයා ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් මත්කුඩු රැගෙන එමින් සිටියදි හෙරොයින් මත්කුඩු ග්රැම් 500ක් හා මිලිග්රැම්20ක් සමග ගාල්ල මහමෝදර ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාව එක්දරුමවක් වන අතර ඇය ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදි දෙවට ප්‍රදේශයේ දි මත්කුඩු ග්රැම් 05ක් හා මිලිග්රැම් 200ක් හා ත්‍රිරෝද රථ රියදුරු සමග අත්අඩංගුවට ගෙන ඇත.
මැත කාලයේ ගාල්ල පොලිස් කොට්ඨාසය තුලින් අත්අඩංගුවට ගත් වැඩිම මත්කුඩු තොගය මෙය බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් මාළු ව්‍යාපාරිකයා කාන්තාව හා ත්‍රිරෝද රථ රියදුරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. කෝටිපති මාළු ව්‍යාපාරිකයා 38 හැවිරිදිවියේ පසුවන තිදරු දරු පියෙකි. ඔහු පොලිස් ඇසට වැලිගසමින් දැනට වසර 08ක් තිස්සේ මත්කුඩු ජාවාරම කරාගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මෙකි මාළු ව්‍යාපාරිකයා මත්කුඩු ජාවාරම් කිරිමත් සමග ඉතා කෙටිකාලයක් තුල කෝටිපති ව්‍යාපාරිකයෙකු බවට පත්ව ඇති බවද පොලිසිය පවසයි.
ගාල්ල දෙවට හික්කඩුව රත්ගම ආදි මුහුදුකරය ආශ්රිත ප්‍රදේශවලට මොහු කාලයක් තිස්සේ මහාපාරිමාණයෙන් මත්කුඩු බෙදාහැර ඇති බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් කාන්තාව 40 හැවිරිදිවියේ පසුවන අයෙකි. ඇය දැනට වසර 04ක කාලයක සිට මත්කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. ඉකුත් වසරේ මත්කුඩුජාවාරම් කිරිම සම්බන්ධයෙන් මෙකි කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ඇය මිට මාස අටකට පෙර මහාධිකරණයෙන් දඩුවම්ද පැමිණි අයෙකු බවද පොලිසිය පවසයි. මෙකි කාන්තාව සිරගතව සිටියදි හදුනාගත් කාන්තාවක් හරහා මත්කුඩු බෙදාහැරිම කරගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි. ඇයගේ මව මත්කුඩු ජාවාරම් කිරිම සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින අයෙකු බවද පොලිසිය පවසයි. මෙකි කාන්තාවගේ සහෝදරයකු කාලයක් මාළු ව්‍යාපාරිකයෙකු ළග සේවය කොට ඇත.
එහදි ඔහු මත්කුඩු පානයට මෙන්ම ජාවාරමට ද යොමුවි ඇත. ඔහු ද මේ වනවිට මත්කුඩු ජාවාරම් කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ඇති බව පොලිසිය පවසයි. ත්‍රිරෝද රථ රියදුරු අම්බලන්ගොඩ නගරයේ ත්‍රිරෝද රථ ගාලේ සිට කුලිගමන් යන අයෙකි. මොහු මෙකි කාන්තාව සමග ත්‍රි රෝද රථයෙන් මත්කුඩු ප්‍රවාහනය කොට ඇති බැව් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝගය මත තවදුරටත් ප්‍රශ්නකරගෙන යන අතර මාළු ව්‍යාපාරිකයාගෙන් තවදුරටත් මෙකි මත්කුඩු ජාවාරම පිළිබද රදවාගෙන ප්‍රශ්න කිරිමට අද (09) දින අධිකරණයෙන් රැදවුම් නියෝගයක් ලබාගන්නා බවද පොලිසිය පවසයි.
