මැතිව්ස්ගේ දුවද්දී දැවී යාම් වාර්තාව
ශ්‍රී ලංකා ඒක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට මුහුණදී ඇති බවත් ඒහිදී අවස්ථා 49කදීම අනෙක් අන්තයේ සිටි ක්‍රීඩකයා දැවී ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසීය.
ඒසේම මැතිව්ස් කඩුලු අතර දිවයාමේදී ගැටලුවක් ඇති බවත් ඔහු දෙවැනි ලකුණු කරා නොයන බවත් ඇතැම් විට ලකුණු කරා නොයන බවත් ඒ හේතුවෙන් අනෙක් අන්තයේ සිටින පිතිකරුවා පීඩනයකට ලක්වෙන බවත් හතුරුසිංහ පැවැසීය.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතා ගැටලුවක් හේතුවෙන් ඔහු ඒංගලන්තය හා පැවැත්වෙන ඒක්දන හා විස්සයි20 තරගවලින්ද ඉවත් කර ඇත.

ඇන්ජලෝගේ දුවද්දී දැවී යාම් ගැන හතුරුසිංගගේ කතාව.#angelo #mattews #slc #Cricket pic.twitter.com/r8edqNxlT2
— Adha Newspaper (@adha_news) September 27, 2018
-
Champa Thursday, 27 September 2018 05:07 PM
කතා කරන්න දෙයක් නැහැ. මේක බලපුවහම පේනව ප්‍රශ්නේ මොකක්ද කියලා. ශාරීරික අමාරුකම් වලට වඩා වැඩි දෙයක් මෙතන තියෙනවා. ගසේ වැඩීමට පිළිල ඉවත් කරන්න ඕනෙමයි.
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

