මෛත්‍රී - මහින්ද හමුවක්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මීට දින කිහිපයට පෙර මෙම හමුව පවත්වා තිබේ.
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකුගේ කොළඹ පිහිටි නිවසේදී මෙම හමුව පවත්වා ඇත. මේ සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව තිබේ.
මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යයට තොරතුරු වාර්තා නොවේ.
popular news
- 
                            
Champa Sunday, 07 October 2018 08:35 PM
ජාතිද්‍රෝහී දේශද්‍රෝහී මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න යන හැමෝවම, මොන තරම් ලොක්කෙක් වුනත්, ජනතාව මොන තරම්ප්රේම කරන නායකයෙක් වුනත්, වහල් ආණ්ඩුව/ජනපති/අගමැති, තුන්දෙනාම/දෙන්නෙක්/එක්කෙනෙක් හෝ භාගයක් එක්ක එකතු වෙන්න යනව නම්, ප්‍රතික්ෂේප කරලා දාන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ ආණ්ඩුව එක්ක එකතු වෙන්න කියලා කරන නින්දිත වහල් ප්‍රකාශත් හෙලා දකින්න ඕනේ. ආණ්ඩු බලය ගන්න අවස්ථා ඕනේ තරම් තිබ්බ 2015 2016 කාලේ. ඒවායේදී නිහඬව ඉඳලා, රට විනාශ කරන්න ඇරලා, දේශද්‍රෝහීන් එලවන්න ඔන්න මෙන්න තියෙද්ති එකතු වෙන්න යන්නේ කාගේ උවමනාවටද? අර Mike Pence කරපු කතාව ඇහැව්වද? තමන්ට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන අභියෝග හිටපු ජනාධිපතිතුමා තේරුම් ගත්ත නම්, මේ විදියට තමන්ව දුර්වල වෙන වැඩ කරන්නේ නැහැ. මොකොටද හොරෙන් හම්බ වෙන්නේ? ලංකාවටම කියලා හම්බ වුනාම මිනිස්සුන්ට විචිකිච්චාවක් නැහැනේ. එක වචනෙක ඉන්න. මොන මගුල්ගේදරක්ද මේක. ආණ්ඩුවෙන් පිට විරුද්ධ පක්ෂය විදිහට ඉන්න කොට තමයි රටට හයියක් තියෙන්නේ. එකතු වුනහම වහල් ආණ්ඩුවේ කොටසක් වෙනවා. එතකොට තමන්ගේ හඬ ආණ්ඩුවේ හඬ වෙලා ජනතාවට කවුරුවත් නැති වෙනවා. මෙච්චර ඉවසපු එකේ මිනිස්සු ඉතුරු ටිකත් ඉවසයි.
Reply : 0 0
Champa Sunday, 07 October 2018 09:39 PM
මම කියන්න ගියේ Mike Pence තමන්ගේ කතාවෙන් ලංකාවට බරපතල තර්ජනයක් එල්ල කරලා තියෙනව. මේ ප්‍රකාශය මුළු රටම හෙළා දකින්න ඕනේ. ඒ කියන්නේ ඊලඟ ජනාධිපතිවරනේටත් ඇමරිකාව මැදිහත් වෙනවා කියන එක. 2015 කලේ හොරෙන්. පම්පෝරිය කිව්වේ වහල්ලු රජ කලාට පස්සේ. දැන් මේ පාර අවුරුද්දකට කලින්ම කියනව. ස්වෛරී ස්වාධින රටක පවත්වන ජනාධිපතිවරණයකින් ඒ රටේ ජනතාවට තමන් කැමති මිනිහෙක් ජනාධිපති විදිහට පත් කරගන්න ඇමරිකාව ඉඩ දෙන්නේ නැහැ කියන එකයි කතාවේ හරය. ඒකේ පලවෙනි එක විදිහට තමයි ඇමරිකාවට ආයෝජනය කරන්න ඉඩ දෙන්න කියන එක චීනෙට වගේ. ඉල්ලන්නේ Trinco වරාය වෙන්න ඕනේ. වහල් ආණ්ඩුවට එකතු වුනොත් මේවට විරුද්ධ වෙන්න බැහැ. අනිත් එක මේ කතාව කියන්නේ මුළු රටම මහින්දත් එක්ක ඉන්න වෙලාවක. පැහදිලිවම ඊළඟ ජනාධිපති විදියට මිනිස්සු පිළිගන්නේ මහින්ද කියන මිනිහෙක් කියල ලෝකෙම දන්නා වෙලාවක. ඇමරිකන් ආක්‍රමණයකට විරුද්ධ අනිවාර්යයෙන්ම ජනතා නැගිටීමක් වෙන්න ඕනේ. වහල් ආණ්ඩුවට මේකට එරෙහි වෙන්න ශක්තියක් නැහැ. ඒ හින්ද මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ජනතා විරෝධය ලෝකෙට පෙන්නන්න ඉඩ හදල දෙන්න ඕනේ. මම විමල්ගේ කතාව දැක්කේ දැන්. ඒ කතාවට එකඟ වෙන්න බැහැ. ආණ්ඩුවට 2/3
Reply : 0 0
Champa Sunday, 07 October 2018 10:06 PM
අනාත පිලයි විමලුයි දෙගොල්ලොම කිව්වා එකට එකතු වෙන්නේ ආණ්ඩුවට 2/3 නැති කරන්න කියල. අන්න ත්රස්තවාදීන්ට සල්ලි දෙන්න පනතක් ගේනවා. ඒකට මුළු 70 දෙනාම විරුද්ධව චන්දෙ දෙයි නේද? එතකොට ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප පිරිසටත් ඒකට විරුද්ධව චන්දෙ දෙන්න කැමති කරවගන්න පුළුවන්නේ නේද? ඇයි SBට කියලා පුළුවන්නේ ඒ වැඩේ කරගන්න. හැඟීම් වලට වහල් වෙලා දේශපාලන තීන්දුතීරණ ගන්න එක JO එකේ ප්‍රතිපත්තිය නෙමේ නේද? රුපියල වැටෙන හැටි දැකල අඬන මෛත්‍රිව නලවන්න ආණ්ඩුවට එකතු වෙන්න තීරණය කරන එක හරිම බොළඳයි. හම්බන්තොට වරාය දීල ඉවරයි. මත්තල, පලාලි සහ Trinco දෙන එක නවත්තන්න රටේ ජනාධිපතිට පුළුවන්. ඒක කරන්න ආණ්ඩුවත් එක්ක එකතු වෙලා බැහැ. ඒකට මෛත්‍රීට කොන්දක් එන්නේ ප්‍රබල ජනතා විරෝධයක් රට ඇතුලෙන් ආවොත් විතරයි. වහල් ආණ්ඩුව වට්ටපු රට ගොඩ ගන්න ඕනේ තරම් විදිහවල් තියෙනව. අවශ්‍ය වෙන්නේ ආත්ම විශ්වාසයයි, හොඳ දැක්මකුයි, එඩිතර තීරණ ගන්න ඇති හැකියාවයි විතරයි. දුටුගැමුණු රජ්ජුරුවෝ ආවත් රට ගොඩ ගන්න බැහැ වගේ පරාජිත වචන විමල් දැන් කියන්නේ ඇයි? එළාරට වඩා දරුණු කාලිංඝ මාඝගේ පිරිසට විරුද්ධ බලවේගයට තුන්වෙනි විජයබාහු නායකත්වය දුන්නේ රජ වෙන්නත් ඉස්සෙල්ල.
Reply : 0 0
sg Sunday, 07 October 2018 11:08 PM
පෞද්ගලික අමනාපකම් වහාම පසක ල කල යුතු දේ වහාම කලයුතුය...
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                