Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා
2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස් ඝාතනය කිරීමේ සැලසුමකට අදාළව අත්අඩංගුවටපත් ඉන්දීය ජාතිකයා මානසික රෝගයකින් පෙළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක පවසයි.
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතාගේ මාවනැල්ලේ පිහිටි නිවසේදීමෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් මෙම ඝාතන සැලසුම් පිළිබඳ තොරතුරු වාර්තා වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
මේ පිළිබඳ ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කළ කරුණු පදනම් කරගෙන හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලැබුණු සීමිත තොරතුරු පදනම් කරගෙන අදාළ ඉන්දීය ජාතිකයාගේ පසුබිම පිළිබඳ සෙවීමට තම කාර්යාලය කටයුතු කළ බවත්, තමන්ට ලැබුණු මූලික තොරතුරුවලට අනුව ඔහු 2000 වසරේ සිට මානසික රෝගයකින් පෙළෙන බවත්ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක සඳහන් කළේය.
මෙම තොරතුරු ශ්‍රී ලංකාවේ අදාළ අංශ වෙත ලබාදුන් බවත්, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් සිදුකරන විධිමත් පරීක්ෂණ සඳහා සහාය දක්වන බවත් එම ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
Champa Wednesday, 26 September 2018 09:19 PM
:D :D :D ලොකු ප්‍රශ්නයක් ගොඩින් බේර ගන්න හොඳම විදිහ. දැන් ලංකාව දේශීය විදේශීය පිස්සන්නේ සරණාගත රටක් වෙලා. මේ ආණ්ඩුවෙන් පටන් ගත්තහම ලංකාවේ හුඟක් මිනිස්සු විවිධ වර්ගයේ මානසික ආතති වලින් පෙලෙනවා. ඒ මිනිස්සුම තමයි දරුණු අපරාධ කරන්නත් පෙළඹෙන්නේ. ඇඟ හිරි වැටෙනවා සිද්ධ වෙන අපරාධ ගැන පත්තර වල තියෙන දේවල් බලපුවහම. 90% ක්ම අපරාධ ප්‍රකෘති සිහියෙන් ඉන්න මිනිස්සුන්ට ගැහැනුන්ට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. විකෘති මානසික තත්වයන් හින්දා කරන දේවල් වගේ පෙන්නේ. ඒ හින්ද කොයිකටත් පරිස්සම් වෙන එක හොඳයි.
Reply : 0 0
Champa Friday, 28 September 2018 11:58 AM
මේ කතාවන නම් පට්ට බොරුවක් කියලයි මට නම් හිතෙන්නේ. පඟරනැට්ට ඉන්දියන්කාරයව පාවල දුන්න වෙන්න පුළුවන්. පත්තරේ දැකල මිනිහව හොයාගෙන කොළොඹ ඉඳල වරකපොළ යන්න නම් සෑහෙන පිස්සුවක් තියෙන්න ඕනේ තමයි. පඟරනැට්ට මේ දවස්වල කොටස් වශයෙන් පෙන්වන තිර පිටපතේ ඊළඟ එක මොකක්ද දන්නේ නැහැ. මාකඳුරේගේ ගෝලයෙක්ට ඝාතන කොන්ත්‍රාත්තුව දීල ඊට පස්සේ තමන්ම ඒ මිනිහවත් පාවල ඒ ඔත්තුවටත් ගානක් හොයා ගන්න එකද නැත්නම් හිරේ ගිහින් ඇතුලේ ඉඳන් තිර පිටපතේ ඉතුරු ටික කරන එකද? ජනාධිපති පිටරට යන්න ඔන්න මෙන්න තියෙත්දී ඝාතන තැතක් ගැන කිව්වේ වැඩේ ලෝකේ පුරා සහ ලංකාව පුරා නැගල යයි කියලා වෙන්න ඕනේ. මුලින්ම මහින්දගේ නම නොකිව්ව් එක තමයි තියෙන ලොකුම සැකේ. සමහරු කිව්වට මෛත්‍රීගේ ජිවිතේට අනතුරක් වුනාට රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන එකක් නැහැ, ඒ මොකොද මේ කතාවේ පූර්ව නිගමනයක් දෙන්න හදල තියෙනව එහෙම දෙයක් වුනොත් රනිල් තමයි වග කියන්න ඕනේ කියලා. අනිත් එක ගෝඨාභය ගැන වුනත් ලංකා දේශපාලනයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මහින්දට මොනව හරි වුනොත් මුළු රටේම දේශපලනය උඩු යටිකුරු වෙනවා. තාමත් මම කියනවා ඒ දෙන්න නෙමෙයි target කලේ මහින්දව කියලා.
Reply : 0 0
dhamneth Thursday, 27 September 2018 07:18 AM
මේ ඉන්දියන් ජාතිකයාගේ වීසා ඉවරයි කියනවා නේද? දැන් රිමාන්ඩ් එකේ හරි තව ටික දවසක් මේ රටේ රැඳී සිටින්න පුළුවන් .
Reply : 0 0
Jayantha Perera Thursday, 27 September 2018 08:31 AM
මානසික ලෙඩක තියනවා කියන එක thamai අලුත්ම සෙල්ලම . එතකොට නඩුත් නැහැ බඩුත් නැහැ . ඔය මිනිහට් හෙට ගෙදර යනවා රජයේ පිහිටෙන්
Reply : 0 0
Dinga Thursday, 27 September 2018 09:29 AM
No doubt that this guy is on Indian or some other foreign intelligence service payroll. Any idiot can come and play any game on this soil now due to lack of governing system under puppet government.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd