මෛත්‍රීගේ පුටුව මහින්දට ඉල්ලූ පෙත්සම ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා එහි සභාපතිවරයා ලෙස පත්කිරීමේ නියෝගයක් ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ ප්රතිශෝධන අයදුම්පත්‍රය බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය (27දා) විභාගයට නොගෙන නිශ්ප්‍රභ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් කොළඹ දිසා අධිකරණය විසින් නිශ්ප්‍රභ කිරීමට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ප්රතිශෝධන අයදුම්පත්‍රයක් මෙලෙස විභාගයට නොගෙන නිශ්ප්‍රභ කළේය.
බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන මනිලාල් වෛද්‍යතිලක සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරුවරු මඬුල්ලක් විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වන බොරලැස්ගමුව නගාරාධිපති අනුර ප්‍රියශාන්ත සහ නාගරික මන්ත්‍රී අසංක නන්දන ශ්‍රීනාත් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා නම් කර තිබිණි.

popular news
-
Champa Thursday, 27 September 2018 09:58 PM
අස්සයා ගියාට පස්සේ පස්සෙන් දුවල වැඩක් නැහැ. ඒ කාලේ මහින්ද වටේ හිටපු මිනිස්සුම තමයි කිව්වේ සභාපතිකම මෛත්‍රීට දෙන්න කියලා. සමහරු මෛත්‍රීගේ තිබ්බ වෛරක්කාරකමටත් බය වුනා. කොන්ද පන තිබුන කිහිප දෙනෙක් විතරයි මහින්දට හිටියේ. වැරදි බව දැනදැනම සමහරු නිහඬව හිටිය තමන්ගේ පුටුව බේරගන්න. සමහරු ප්‍රසිද්ධියේම "අප්පච්චි මලා" කිව්වා. මිනිස්සු අප්පච්චි මලෝව පැරද්දුව. මෛත්‍රී ගත්ත ආපහු. ඔන්න හිටපු ජනාධිපතිතුමා මිනිහව නම් ආයේ ගන්න එපා. මම ලිව්වා Grassroot RP එකක් ගැන. පුළුවන් නම් ඒක කරන්න. හැබැයි පොහොට්ටුවෙන් කරන්න එපා. පරණ ශ්‍රීලංකා කාරයෝ ඉන්නවා මොනවා කලත් පක්ෂේ දාල යන්නේ නැති. ඒ හින්දා ඔබ පොදුවේ කතා කරන්න. පොහොට්ටුවේ මිනිස්සු ඒ අයට කැමති නැති බව ඇත්ත. මම කියන්නේ දේශපාලකයෝ නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු ගැන. ඒ ඔබේ චන්ද. අමතක කරන්න එපා ඔබ පැරදුනත් 2015 ජනවාරි ඔබට චන්ද ලක්ෂ 58ක් ලැබුන. දැන් ඔබ "නෑගම් යන්න" කාලේ හරි. :) බලන්න අර කැබිතිගොල්ලෑවේ මිනිස්සු. ඔබ දැක්කම ඇඬුව, සතුටු වුනා. ළඟ නෑයෙක් දැක්ක වගේ නේද? මට දුකයි ඒ මිනිස්සු ගැන. තෙප්පිලි මාළුයි මුරුංග හොදියි දානෙට කියන්නේ මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන් නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

