මත්ද්‍රව්‍ය මැඩලිමේ ප්‍රතිඵල ලැබෙන්නේ වසර මැදදි - ජනපති
මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ කි‍්‍රයාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විදීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන පුළුල් සහ ශක්තිමත් වැඩපිළිවෙල ඊට හේතු වී ඇති බව ජනාධිපතිතුමා පැවසිය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පැවති ග්රාමශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටුව අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දිළිදුකමින් පීඩාවිදින ජනතාව ඉන් මුදාගෙන ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථිකය ඉහළනැංවීම ග්රාමශක්ති වැඩපිළිවෙලේ අරමුණ බවයි.
මත් උවදුර පාලනය ඇතුළු ජනතාව දිළිදුකමට ඇඳ දමන සියලූ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් ශක්තිමත් ආර්ථිකයක් සහිතව ස්වශක්තියෙන් නැගී සිටින ජාතියක් ගොඩනැගීමට ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මේ වනවිට පුළුල් වැඩ කොටසක් ඉටුවෙමින් තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ග්‍රාමීය දිළිදු ජනතාව මහත් පීඩාවකට ලක් කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලූව පිළිබඳව ද ඉදිරියේ දී රජයේ මැදිහත්වීම සිදුකරන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

popular news
-
Champa Friday, 22 February 2019 04:46 PM
පලවෙනි වාක්‍යය නිකම් ජ්‍යෝතිෂ අනාවැකියක් වගෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

