මත්ද්‍රව්‍ය පාලනය කිරීමට පිලිපීන ජනපති කළ දේ මට කරන්න බෑ
මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා පිලිපීන ජනපති කළ දේ තමන්ට කළ නොහැකි බවත්, එය නීත්‍යානුකූලව කිරීමට කටයුතු කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව අද (09දා) ප්‍රකාශ කළේය. මරණීය දණ්ඩයනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් ඊයේ (08දා) දිනයේදී සාකච්ඡාවක් පැවැත් වූ බවත්, එහිදී වාර්තා තුනක් තමන්ට අවශ්‍ය බව දැන් වූ බවත් ජනපතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා, “මත්ද්‍රව්‍ය මර්දනය කරන්න, එක්වන්න කියලා. පිලිපීන ජනාධිපති කළ දේ මට කරන්න බැහැ. නමුත් ඒ දේවල් නීත්‍යනුකූලව කරන්න මම මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා.
මම ඊයේත් විනාඩි කිහිපයක සාකච්ඡාවක් කළා අදාළ අංශයන් සමගින්. මත්කුඩු ජාවාරම් කරන පුද්ගලයන් වෙත අධිකරණයෙන් ලබා දී ඇති මරණීය දණ්ඩනය පිළිබඳව. මම කිව්වා මට වාර්තා තුනක් අවශ්‍යයි කියලා. නීතිපති වාර්තාව, අධිකරණ ඇමතිගේ වාර්තාව. අදාළ නියෝගය නිකුත් කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාව. පුනරුදය ඇතිකරන්න මේ සියලු දේවල් කරන්න සිදුවෙලා තිබෙනවා.
අපේ අසල්වැසි ඉන්දියාවේත් අවුරුද්දකට දෙතුන් දෙනෙකුට මරණීය දණ්ඩනය තිබෙනවා. ඇමෙරිකාවෙත් තිබෙනවා. පුනරුදය ඇතිකරන්න මේ සියලු දේවල් කරන්න සිදුවෙයි.” යැයි පැවසීය.

popular news
-
Champa Thursday, 09 August 2018 09:06 PM
දෙකම එකයි. එකම වෙනස පිලිපීනෙ ඉන්දියාවේ ඇමරිකාවේ බහුතර ජනතාව බෞද්ධ නෙමෙයි. බැලූ බැලූ අත පන්සල් බෞද්ධ පිළිම වහන්සේ දාගැබ් බෝගස් නැහැ. ඒ රටවල දන්ත ධාතුන් වහන්සේ, ශ්‍රී මහා බෝධිය හෝ සිරි පතුල නැහැ. පිරිත් ඇහෙන්නෙත් නැහැ. අපේ දෙරණ ආරක්ෂා කරනවා වගේ ඒ රටවල සතර වරම් දෙවිවරුනුත් නැහැ. මේ පින්බිම විනාශ කලේ අවස්ථාවාදී බලලෝභී දූෂිත දේශපාලකයෝ මිසක් මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ නෙමෙයි. ඔවුන්ව බිහි කලෙත් දේශපාලකයෝ. 1977 ගෙනාපු විවෘත ආර්ථිකය නිසා ලෝකේ පුරා තිබ්බ අපචාර, දුරාචාර, විෂමාචාර ඔක්කොම මේ රටට ගොඩ බැස්ස. ඒ එක්කම මිනිස්සුන්ගේ මොළ අවුල් කරලා පිස්සෝ වගේ සල්ලි හොයන්න පෙළඹෙව්ව නිසා ඔක්කොම ගුණධර්ම ගිලිහිලා ගිය. දේශපාලකයෝ මේකෙන් ප්‍රයෝජන අරන් මත්කුඩු රටට ගේනවා. හැම ලොකු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරය පිටිපස්සෙම දේශපාලකයෙක් ඉන්නවා. දේශපාලන හයිය නොතිබුනානම් මත්ද්‍රව්‍ය ඔය විදියට ව්‍යාප්ත වෙන්නේ නැහැ. පොලීසිය පක්ෂපාත නිසා දේශපාලකයාව බේරනවා. මත්කුඩු වෙළඳාම නවත්ත ගන්න බැරි ඒකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
