මූඩි ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය පහත දමයි - මුදල් අමාත්‍යාංශයේ කනගාටුව
මූඩි අයෝජන සේවාව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව B2 ශ්‍රේණියේ සිට Caa1 දක්වා මෙසේ ඔවුන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ දමා තිබේ.
අයවැය හිඟය, මන්දගාමී ප්‍රතිසංස්කරණ හා දුර්වල ආයතතිනක ක්‍රියාකාරිත්වය යන සාධක අනුව මෙසේ ඔවුන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිත කිරීම පහත දමා තිබේ.
මෙම ශ්‍රේණගත කිරීම අනුව ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඉතාමත් ඉහළ ණය අවධානමකට ලක්ව ඇති බවයි.
ශ්‍රී ලංකාවට අමතරව ඇංගෝලාව, කොංගෝව, ගැබොන්, ඉරාකය, මාලි හා බාබඩෝස් වැනි රටවල් මෙම කාණ්ඩයට අයත් වෙයි.
කෙසේ වෙතත් මූඩි ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඔවුන් එසේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දැමීම කනගාටුවට පත්වන බවයි.
කොවිඩ් 19 වසංගතයත් සමග ශ්‍රී ලංකාව වේගයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බවත් අයවැය හිඟය ක්‍රමානුකූලව පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
එසේම අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවත් ඇඟළුම් අපනයන කොවිඩ් තත්ත්වයට පෙර පැවැති තත්ත්වයට පැමිණ ඇති බවත් මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් සඳහන් කරයි.

popular news
-
Asela Bandara Tuesday, 29 September 2020 04:43 PM
I agreed with the Modi Investment Service's credit rating relating to the Sri Lanka. Even this year's last four months total budgeted government expenditure was Rs. 1,700 billions out of which nearly Rs. 1,300 billions is expected to be financed by using foreign loans.This clearly indicate that Sri Lanka is already fallen to huge debt trap.
Reply : 0 0
Demuni Uduwara Tuesday, 29 September 2020 06:44 PM
You can cheat us not the world.
Reply : 0 0
Don Tuesday, 29 September 2020 11:29 PM
This happens when print too much of currency with no real value. Using helicopters to travel to meet the poor to sort out their grievances will never a cheap system.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

