කාත්තන්කුඩිය සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වෑන් රථයක ගැටී ඊයේ (25දා) රාත්රියේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි ඒරාවූර් පොලීසිය පවසයි.
මඩකලපුව කිරාන් ප්රදේශයේදී මෙම අනතුරු සිදුව ඇති අතර කාත්තන්කුඩියේ සිට කොළඹ දෙසට ධාවන වෙමින් තිබු බස් රථය වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
වෑන් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුවාල ලැබූවන් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඒරාවුර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



ජව්ෆර්කාන් - මඩකලපුව