මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා
ශ්‍රී ලංකා නිදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට ශක්තියක් වූ බවත් ජනාධිපතිධුරයේ සිටි තමන්ට වූ දේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුව ඇති බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තු බලය ලබාගැනීමට එක්ව තරග කරන බවත් ඔහු ඊයේ (18දා) පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා සිටියේය.
“මම පාර්ලිමේන්තුවට ගිහින් මේ දක්වා වසර තිහක් ජනාධිපති ධුරයත් එක්ක. මේ දිස්ත්‍රික්කයට රැකි රක්ෂා තිස් දාහකට වැඩිය දීලා තිබෙනවා. ඒ කරපු කැප කිරීම් එක්ක අද වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක තමුන් නන්සේලා අපි හෙට දවසේ කුමක් කළ යුතුද කියන කාරණාව අවධානයට ගන්න ඕනේ.
16දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජයග්‍රහණය කළ. එකට අපි සියලු දෙනා කැප වුණා. සහයෝගය දුන්නා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පොහොට්ටුව නැත්නම් පොදු ජන පෙරමුණත් එක්ක අපි ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ජයග්‍රහණයට අපි වැඩ කරනවා කියලා.ඒ වගේම අපි වැඩ කළා. අපි 2018 පළාත් පාලන මැතිවරණයේදී ගත්ත ඡන්ද ලක්ෂ දහහතට වැඩි ගණනක් ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය පැහැදිලි ලෙසම ශක්තියක් වුණා.
සමහර අය ඒව කියන්නේ නෑ, නමුත් දේශපාලන ව්‍යාපාරයකදී රටක් ගොඩ නගන්න සන්ධාන පෙරමුණු සංකල්පය තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ රටට ආදරය කරන හැම කෙනෙක්ම එකට එකතු වෙලා හදන ආණ්ඩුවක් එක තමයි එකේ සරල අදහස. මාර්තු මාසයේ තුන්වැනිදා පාර්ලිමේන්තුව විසිරෙනවා. අප්‍රේල් මාසේ අන්තිමේ පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. අපි එකට එකතුවෙලා හදලා තිබෙන ගිවිසුම් අනුව අපි සියලු දෙනාම ඒ මැතිවරණය එකට තරග කරනවා.
අද ගෝඨාබය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. මම ජනාධිපතිධුරයේ ඉදලා අවේ එතුමාටත් වෙලා තියෙන්නේ මට වෙච්ච දේ. මම ජනාධිපති වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තු බලය මට නෙමෙයි තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට 142 ක් තිබුණා. පාර්ලිමේන්තුවේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළා. එයාට 47 යි තිබුණේ. නමුත් ඒ පළවෙනි අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 අගෝස්තු මහා මැතිවරණය එනකම් මට සහයෝගය දුන්න.
ඒ නිසා අවශ්‍ය අනපනත් රාශියක් පාර්ලිමේතුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරන්න පුළුවන් වුණා. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ එකට එකතු වෙලා වැඩ කරන්නේ. අප්‍රේල් මාසයේ පවත්වන මැතිවරණයේදී අපි වැඩි බලයක් අරගෙන තුනෙන් දෙක වැඩි බලයක් පෙන්වන්න ජයග්‍රහණය කරන්න ඕනේ.”

popular news
-
Dayan Sunday, 19 January 2020 01:02 PM
මෙයාට පාර්ලිමේන්තුවට එන්න පුත්තලමෙන් හරි මන්නාරමෙන් හරි ඉල්ලන්න වෙය්. පොළොන්නරුවේ ජනතාව බුද්ධිය තියෙන අය.
Reply : 1 114
Kumar Sunday, 19 January 2020 08:30 PM
මහත්තයෝ ඔයාට කිසිම දෙයක් වුන බවක් අපට පෙනෙනුනේ නැහැ. තමන්ට ජනාධිපති වෙන්න සහය දුන්න අයට කොකා පෙන්නු එක විතරයි කලේ. අන්තිමට තමන්ගේ පක්ෂයත් පවා දුන්නනෙ. ඔයාට චන්දෙ දෙන්නේ වංචා කාරයින්ට රැවටෙන මෝඩයො.
Reply : 0 9
Chathuri Sunday, 19 January 2020 09:42 PM
මට හිතුනේ මට වුනදේ වුන කිව්වම් දෙන්නම වැඩිවියට පත්වෙලා කියල. පැරදුනාම දන්නේ. බලය ගන්නේ කොහොමද කියල.
Reply : 0 1
nico Monday, 20 January 2020 11:11 AM
තවත් බයිලා ගහනවා. කරුණාකර මෙයාට ජන්දේ දෙන්ඩ එපා . ආණ්ඩුවට කියන්නෙත් ගාවගන්ඩ එපා . අයෙමත් පාර්ලිමේන්තු රින්ගන්ඩ බලනවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
