තමාට අගමැති ධුරය බාරගැනීමට තවත් කල් තිබෙන බව රජයේ කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(28දා) පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ ඇමතිවරුන් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ තමන් සාකච්ඡාවක යෙදුනුණු බවද සේනාරත්න මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අරලියගහ මන්දිරයේදී හෙට පැවැත්වෙන බවත්,එහිදී තම කණ්ඩායමේ යෝජනා ඉදිරිපත් කරන බවත් පැවසූ රාජිත සේනාරත්න මහතා එම යෝජනා සැලකිල්ලට නොගතහොත් ඉන්පසුව තමන් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවද ප්‍රකාශ කළේය.