මගි ප්‍රවාහන බස් රථ ආනයනය ක්‍රමවත් කිරිමට පියවර
බස්රථ ආනයනය කිරීමේදී සලකා බැලිය යුතු පිරිවිතරයන් හා නිර්ණායක සකස් කිරීම සඳහා පත්කරන ලැබූ කමිටුවේ වාර්තාව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත අනුකාරක සභාවක් පත්කර තිබේ.
එහි සාමාජිකයින් ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා පත්කර ඇත.
මෙම අනුකාරක සභාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශය විසින් මගී ප්‍රවාහනය සඳහා දැනට භාවිත කරනු ලබන බස් රථ සංඛ්‍යාව 26,985ක් පමණ වන බැවින් ඒවා නිමවා ඇත්තේ ලොරි චැසි යොදාගෙන ය.
එබැවින් එම බස් රථවල තිරිංග භාවිත කරනු ලබන අවස්ථාවලදී මගීන් අපහසුතාවට පත් වන බව පෙනී ගොස් තිබේ.
මගීන්ට සුවපහසු ලෙස ගමන් කිරීමට සුදුසු බස්රථ ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමේදී සලකා බැලිය යුතු පිරිවිතරයන් හා නිර්ණායක සකස් කිරීම සඳහා නිලධාරීන්ගෙන් සමන්විත ඉහත කමිටුව පත් කෙරිණි. එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු අදාළ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් තවදුරටත් පරීක්ෂා කර බලා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ත්‍රිපුද්ගල අමාත්‍ය අනුකමිටුවට පැවරී ඇත.

popular news
-
sg Friday, 12 June 2020 12:07 AM
itha hoda wadak...
Reply : 0 0
Deepal Nirosh Friday, 12 June 2020 10:35 AM
අපේ රටට බස්රථ ආනයනය කිරීමේ දී තාක්ෂණික පිරිවිතරයන් විතරක් සලකා බැලීම ප්‍රමාණවත් නැහැ. ඉන්ධන දහනය වගේම ග්‍රාමීය මාර්ගවලට වඩාත් සුදුසු කුමක් ද යන්න විශේෂිතව සලකා බැලීම අත්‍යාවශයයි. දැනට ධාවනය වන ලොරි ව්‍යුහ ආවරණය කළ ලේලන්ඩ් බස්රථ අපේ ග්‍රාමීය මාර්ග වලට ඔරොත්තු දෙනවා. ඒ් වගේම නැවත නැවත අළුත්වැඩියා කරමින් පරිහරණය කළ හැකියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

