මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකර පුද්ගලයෙකු අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරය සිර දඬුවම් "හාමිනා" නැමැති කාන්තා රැඳවියකුට තහනම් භාණ්ඩ අඩංගු පාර්සලයක් බන්ධනාගාර තාප්පයෙන් විසිකිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙක් අද 6 අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නන්දන මහතා පැවසීය
එම සැකකරු සමඟ ආරෝපණය කරන ලද ජංගම දුරකථන බැටරි 10 , හෙරෝයින් මත්කුඩු මිලි ග්‍රෑම් 2725, හා රුපියල් තිස් හය දහසක මුදලක් හා ජංගම දුරකථනයක් පොලිසිය භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සැරසී වැලිකඩ බන්ධනාගාර අවට ගැවසෙමින් සිටියදී මෙම සැකකරු තහනම් භාණ්ඩ අඩංගු පාර්සලය බන්ධනාගාරයේ තාප්පය උඩින් විසි කිරීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බවක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 300 ළඟ තබා ගැනීමේ චෝදනා මත "හාමිනා "නැමැති සැකකාරිය සිර දඬුවම් විඳින බව පොලිසිය කියයි
එම කාන්තා රැඳවියා ලබාදුන් උපදෙස් මත,මෙම තහනම් භාණ්ඩ අඩංගු පාර්සලේ විසි කිරීමට පැමිණි බව සැකකරු පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ලෙ සීවලී පුර පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                