මංගලගෙන් මහින්දට අභියෝගයක්
- 5 11 2019
- 18:50
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇමෙරිකාව සමග අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවේනම් එය පෙන්වා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ අභියෝගය එල්ල කළේය. එම්.සී.සී. ගිවිසුම පිළිබඳව මුලින්ම සාකච්ඡා වූයේ 2002 වසරේදී බවත් ඒ හරහා ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකාවට ලැබෙන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.
ගිවිසුම ක්‍රියාත්මක වීමට නම් පාර්ලිමේන්තුව තුළ පනතක් සම්මත කිරීමට අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
