මංගල කාදිනල් හිමි ගැන කළ ප්‍රකාශයට JO විරෝධය
මුදල්හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අගරදගුරු කාදිනල් හිමිපාණන් සහ කතෝලික ආගමිකයන් පිළිබඳ සඳහන් කරමින් සිය නිල ට්ව්ටර් ගිණුමේ සටහන් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධව දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථාන මාර්ගයෙන්ලබන ඉරිදා සිට විරෝධය පළකිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
හිටපුජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (26දා) උදෑසන මුණගැසුණුඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් පිරිසක්මේ සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කර තිබෙනඅතර, මංගල සමරවීර මහතා අගරදගුරුතුමාගෙන් සමාව ගන්නාතුරු කතෝලික දේවස්ථානමාර්ගයෙන් විරෝධය පළකිරීමට එහිදී තීරණයක් ගෙන තිබේ.
කොළඹ 07,විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා,අරුන්දික ප්‍රනාන්දු,සුදර්ශනීප්රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්,පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව තිබේ.
මෙම සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ,මංගල සමවීර මහතා සිදුකර තිබෙන ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතයද, එසේ නොමැතිනම්, සමරවීර මහතාගේ පෞද්ගලික අදහසක්ද යන්න රජය පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි.

popular news
-
angelo Thursday, 27 September 2018 07:33 AM
මුන් ටික පන්සල් කාල දැන් පල්ලි වලත් දේසපාලනය කරන්න එන්නේ , කොතොලික ආගමේ විනාශය , කදිනල්ගේ ප්‍රකාශය මනුෂ්තයට විරුද්දයි ,ආගම වලින් සාමාන්‍ය ජනයට වුන අසදරානකම් කියන්න ගියොත් සැහෙන දේවල් කියන්න තියෙනවා .කාදිනල් යක්ෂයාගේ දේවල් කියන්නේ
Reply : 1 0
Deepal Nirosh Thursday, 27 September 2018 08:58 AM
ආණ්ඩුව යන මංගල ගමන ගැන අනවබෝධයෙන් ඊට විරුද්ධව ගරු කාදිනල් හිමි කරපු ප්‍රකාශයට ගරු ඇමතිතුමා ආරම්භයේ දීම දීපු අනාගමික නිර්භීත පිළිතුර ඉතා නිවැරදි හා කාලීනයි. නැතිනම් මේ ගරු පූජකතුමන්ලාත් අපේ අතිගරු මහනායක හිමිවරු වගේ වෙන්න හදයි. අඩු ගානෙ ඥානසාර හිමිට අත්වෙච්චි ඉරණම ගැනවත් හිතන්නෙ නෑ. ඒකාබද්ධය කියන විදියට වැඩ කරන්න ගියොත් අර පිදුරංගල විහාර කන්ද මුදුනට ආපු තරුණ රෑන ඔය පල්ලි ඉදිරයට එන දිනයත් වැඩි ඈතක නොවෙයි. වෛද්‍ය සභාවෙ හිටපු සභාපති මහාචාර්යතුමා කතරගම ගිහින් ගිනි පාගපු හැටි ගරු කාදිනල්තුමාටත් අවබෝධ කරල දීල තිබුණ නම් ගරු කාදිනල් හිමිපාණන් මේ ප්‍රකාශය කරන එකක් නැහැ.
Reply : 1 0
Champa Thursday, 27 September 2018 09:55 AM
මංගල කියන්නේ ආගමක් දහමක් නැති මිනිහෙක්. 2015 ලංකාවේ සමලිංගික සැණකෙළි පවත්තන්න හදපු, සමලිංගික විවාහ කරවන්න හදපු මිනිහ ගැන මොන කතාද? අඩු ගානේ කාඩිනල් පියතුමා කියපු එකවත් තේරුම් ගන්න බැරි නොමේරු මනසක් තියෙන්නේ. බුද්ධ සාසනයට වගේම කතෝලික ආගමටත් දැන් ලෝගුව පොරවාගෙන නොයෙකුත් ආකරයේ පිරිස් රිංගල. සමහරු කිතු දහම අතැරලා priesthood අතෑරලා ගියපු අය. අගරදගුරුතුමාට ඒ ගැන කතා කරන්න අයිතියක් නැත්නම් කාටද අයිතියක් තියෙන්නේ? බටහිර රටවල් මානව හිමිකම් උඩින් දාල අපි වගේ රට වලට කරන හිරිහැර ගැන කතා කිරීමේ ඇති වැරැද්ද මොකක්ද? එහෙම කතා කරන්නේ ජනතාවාදී බව පෙන්වන්න කියලා අනාගාමික මංගල කියනවා. දේශපාලකයෙක් අගරදගුරුතුමෙකුට අපහාස කරපු ලෝකේ පළමු අවස්ථාව මේක වෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

