පසුගිය ආණ්ඩුවේ ලොකුම හෙනය දෙපැත්තේ සිට ආණ්ඩු කිරිමට යෑම බව හිටපු උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසයි.
සජිත් මහත්තයා ගැන තමන් අනුකම්පා කරන බවත් එතුමාට පක්ෂයේ වැඩිහිටියන් කිසි කෙනෙක් උදවු නොකල නිසා මැතිවරණයෙන් පරාජය විමට සිදුවු බවද සරත් ඒකනායක මහතා පැවැසිය.
ඔහු මෙසේ පැවසුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිම නිමිත්තෙන් යටිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදි අද ( 21 ) පැවැති උත්සවය අවසානයේ මාධ්‍ය නැගු පැනයකට පිළිතුරු දෙමිනි.
එහිදි අදහස් දැක්වු සරත් ඒකනායක මහතා ,
“භික්ෂුන් වහන්සේලා ජාතියේ මුර දේවතාවුන් විදිහට තමයි අපි සලකන්නෙ. භික්ෂුන් වහන්සේලාට යම් අගෞරවයක් කළහොත් සමස්ත භික්ෂු සංහතියටම ඒ කියන්නෙ සැරියුත් මුගලන් කාලෙටම යනවා. භික්ෂුන් වහන්සේලාට අගෞරව කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැ. එය තමන් විසින් හෝ තමන්ගෙ පාර්ශවයේ කෙනෙක් කළත් එකයි. ඒකත් සජිත්ගේ මැතිවරණ වේදිකාවට බලපෑවා. අනික සිනිබෝල කතා කිමත් එතුමාගේ තිබ්බා. ඒ කාලෙ අරක දෙන්නම් මේක දෙන්නම් කියල කිව්වා. නමුත් වැඩක් උනේ නැ. සිනිබෝල චුයින්ගම් වලට දැන් ජනතාව රැවටෙන්නෙ නෑ.
ආණ්ඩුවක් කරන්න දෙන්නෙක් දෙපැත්තෙන් ඉදල ඒක කරන්න බැ. හරියට එළහරකයි මිහරකයි වගේ දෙපැත්තට වැඩ එහෙම හාන කුඹුරකින් වැඩකුත් නැ. හා ගත්තත් වි ටික වපුර ගන්න බැ පිළිවෙලකට. දැන් එහෙම නෑ. එකම පක්ෂයක එකම පවුලෙ. අනික සහෝදරයන් රට කරනවා ප්‍රශ්න නෑ. ගැටලු නෑ. ඒ නිසා මේ රටට ඉදිරියේදි හොඳ කල දවසක් උදාවෙන බවද” හිටපු උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පැවැසිය.
