භාෂාව අනුව ජනතාවගේ බෙදීමට දේශපාලඥයින් වගකිව යුතුයි - ජනපති
කතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලු දේශපාලනඥයන් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කතාකරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ අද (07දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.
සරල සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල්-කුරාණය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙහි දි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජාතික සමඟිය සහ සංහිඳියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙළේ දී කතාකරන භාෂාව අනුව සමාජය තුළ සිදුව ඇති බෙදීම මහත් බාධාවක් වී ඇති බවයි.
සියලු ජාතින් සහ ආගමිකයන් අතර ඇතිකරගන්නා අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මඟින් මෙම බෙදීම අවසන් කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශුද්ධ වූ අල්-කුරාණය සිංහල බසට පරිවර්තනය කිරීමට ගත් පියවර රට තුළ ජාතික සමඟිය සහ සංහිඳියාව ඇතිකිරීමේ වැඩපිළිවෙළේ සුවිශේෂි සන්ධිස්ථානයක් බව ද සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ භාෂාව අනුව පාසල් වර්ගීකරණය කිරීම ද අවසන් විය යුතු අතර තම සංකල්පයක් මත පොළොන්නරුවේ ඉදි කළ ත්‍රෛභාෂා ජාතික පාසල් ව්‍යාපෘතිය දිවයිනේ අනෙකුත් පළාත් සඳහා ද ව්‍යාප්ත වීම ඉතා වැදගත් බවයි.

popular news
-
Champa Monday, 08 April 2019 07:06 AM
බෙදීම ඇති කලේ සිංහලයන් නෙමෙයි. දෙමල සහ මුස්ලිම් ජාතිකයන්. දෙමල ජාතිකයන්ට සිංහල භාෂාව වහ කදුරු වගේ. මුස්ලිම් ජාතිකයන්ට බුද්ධාගම වහ කදුරු වගේ. හැබැයි මේ දෙගොල්ලන්ටම ඉංග්‍රීසි භාෂාව සහ ක්‍රිස්තියානි ආගම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඕක තේරෙන්නේ නැති සිංහල දේශපාලකයෝ යනව සංහිඳියාව ඇති කරන්න. මේ ජාති දෙකම උඩින් හොඳ හිත පෙන්නුවට යටින් සිංහලයන් එක්ක වෛරයි. ඉස්සෙල්ලම කරන්න ඕනේ දෙමල සහ මුස්ලිම් ජනතාව පිළිගන්න ඕනේ මේ රට සිංහල බෞද්ධ රටක් කියන එක සහ අපේ සිංහල රජවරුන්ගේ මුතුන් මිත්තන්ගේ හිත හොඳකම සහ ගුණවත්කම නිසා තමයි ඔවුන් මේ රටේ ජීවත් වෙන්නේ කියන එක. ඒ හින්ද පිණට ඉන්න ලැබුණු රටේ සිංහලයන්ට වෛර කරන්නේ නැතුව පාඩුවේ ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. 2009 යුද්ධේ නැවතුනු එකෙන් වැඩිම වාසිය ගත්තේ දෙමල සහ මුස්ලිම් මිනිසුන්. ඔවුන් සිංහලයන් ඉන්න ප්‍රදේශ වල ඉඩකඩම් අරන් පදිංචි වුන. ළමයි හොඳ ඉස්කෝල වලට දාගත්ත. ව්‍යාපාර ගොඩ නඟා ගත්ත. හොඳට හම්බ කරගත්ත. නමුත් ගම්වල බෞද්ධයෝ එදා වගේම අදත් දුප්පත්. දානයක් දෙන්නවත් බැරි තරම්. හැබැයි අපේ සිංහල දේශපාලකයෝ හැමදාම අඬන්නේ දෙමල මුස්ලිම් මිනිස්සු වෙනුවෙන්.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

