භාවිතයට නොගන්නා ඛණිජ ද්‍රව්‍ය භාවිතය සඳහා යාන්ත්‍රණයක් සැකසිමට අවධානය
දැනට හදුනාගෙන එහෙත් භාවිතයට නොගන්නා ඛණිජ ද්‍රව්‍ය භාවිතය සදහා යාන්ත්‍රණයක් සැකසීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
දැනට මෙරටින් හදුනාගෙන ඇති ආර්ථිකමය වටිනාකමක් සහිත ඛණිජ සම්පත් කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණය කර තිබෙනවා.
ඉන් පළමුවැන්න ශක්තිජනක ඛණිජයි. ෆෙරස් සහ ෆෙරෝ ඇලොයි කාණ්ඩයට අයත් ඛණිජ ද්‍රව්‍ය තවත් කොටසක්. ෆෙරස් නොවන ඛණිජ සහ ලෝහමය නොවන කාණ්ඩයට අයත් ඛණිජ ද වර්ගීකරණයට අයත්.
ඒ අතරින් ඉල්මනයිට්, සර්කෝන්,රූටයිල්, සහ මිනිරන් යන ඛණිඩ කැනීම පිරිපහදු කිරීම සහ අපනයනය දැනට සිදු කෙරෙනවා. ඒ හැරුණු කොට දැනට හදුනාගෙන ඇති ඛණිජ ද්‍රව්‍ය එලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා. ඒ අනුව එම ඛණිජ සංචිත පවතින ප්‍ර දේශ එම සංචිත ප්‍රමාණ හා ඒවා භාවිත කරමින් කළ හැකි නිෂ්පාදන පිළිබද සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. එම කමිටු නිර්දේශ අනුව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

