www.ada.lk
2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා
හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සඳහා සමාජ විද්‍යා පීඨයක් ලබාදීම වසර 11ක් තිස්සේ ප්‍රමාද වීම ඇතුළු තවත් ඉල්ලීම් 08ක් මුල් කරගනිමින් වූ පා ගමනක් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද (07දා) කොළඹදී සංවිධානය කර තිබිණි.
කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ඇරඹි පා ගමන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගමන් කළ අතර, එහිදී විරෝධතාකරුවන් විසින් ඉල්ලා තිබූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග වූ සාකච්ඡාව සඳහා අමාත්‍යවරයා නොසිටි හෙයින් අතිරේක ලේකම්වරයෙකු සම්බන්ධ කළද ඔහු සමග සාකච්ඡා සිදු කිරීමට විරෝධතාකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබලමණ්ඩලයද මෙම පා ගමනට එක්ව සිටි අතර, මේ සම්බන්ධයෙන් %අද^ වෙත සිය අදහස් දක්වා සිටි එහි කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අවධාරණය කර සිටියේ අදාළ ඉල්ලීම් ලබාදෙන තෙක් අඛණ්ඩව මෙම විරෝධතා දියත් කිරීමට කටයුතු කරන බවයි.
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
වසර 26කට පසු සිදුවූ අපූරු හමුව
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd