බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් මුලතිව්හිදී ගොඩගැනෙයි
මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය බවට සැකෙරෙන පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක දින 3ක් පුරාවට සිදු කරන ලද කැණීම්වලදී කොටි සංවිධානයට අයත් විවිධ වර්ගයේ බෝම්බ ඇතුළු යුද උපකරණ විශාල ප්‍රමාණයක් නාවික හමුදා නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.
යාපනය සහ මුලතිව් නාවික හමුදා කඳවරු නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයකි පසුගිය 18 වැනිදා සිට දින 3ක් පුරාවට අදාළ කැණීම් කටයුතු සිදු කරනු ලදී.
මේ අනුව මෙම කැණීම්වලදී කොටි සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද විවිධ වර්ගයන්ට අයත් කාලතුවක්කු උණ්ඩ, අත්බෝම්බ, දුම් බෝම්බ, පැරා බෝම්බ, යුද ටැංකි නාශක බෝම්බ, මෙතෙක් හඳුනා නොගත් විවිධ වර්ගයේ බෝම්බ, විශාල වර්ගයේ පීඩන බෝම්බ, ක්ලේමෝ බෝම්බ, පුපුරණද්‍රව්‍ය, විවිධ වර්ගයන්ට අයත් මෝටාර් උණ්ඩ, බිම් බෝම්බ ඇතුළු විශාල තොගයක් සොයා ගැනීමට සමත්ව තිබේ.
කොටි සංවිධානය විසින් මෙම ස්ථානයේ ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පුහුණු කොටි සාමාජිකයන්ට සියලු බෝම්බ පිළිබඳ අවබෝධය ලබා දීමට සියලුම වර්ග වලට අයත් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් ගබඩාවක් එම ස්ථානයේ ස්ථාපිත කර තිබෙන්නට ඇති බව නාවික හමුදාව සැක කරයි.










popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

