බොරැල්ල දේවස්ථානයකදී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්න්ධව ප්‍රධාන සැකකරු ඒම දේවස්ථානයේම වසර 16ක පමණ කාලයක් සිටි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම සැකකරු 56 හැවැරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ඊයේ දිනයේදීම අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මෙම බෝම්බය තැබිම සඳහා අවුරුදු 13ක දරුවෙක්ද යොදවාගෙන තිබෙයි. ඒම දරුවා කොළඹ අලුත්කඩේ අංක දෙක අධිකරණයට ඉදිරිපත් කර ප්‍රකාශයක් ලබාගෙන තිබේ.