බොරැල්ල ප්රදේශයේදී ඊයේ (24දා) සහ අද (25දා) සිදුකළ වැටලීම් තුනකදී හෙරොයින් සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරැල්ල කනත්ත වටරවුම සහ කිතුල්වත්ත ප්රදේශයේ පදිංචි 20 සහ 23 හැවිරිදි තරුණයන් තිදෙනෙකි .
සැකකරුවන් සන්තකයේ වෙන් වෙන් වශයෙන් තිබූ හෙරොයින් ග්රෑම් 30කට වැඩි ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය සිදුකරයි.
