බොරැල්ල මෙත්සිරි උයන ප්රදේශයේ අද (27දා) ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල මෙත්සිරි උයන බේස්ලයින් මාවත පදිංචි ලියනගේ ප්රියන්ති හෙවත් ලොක්කි නමැති 39 හැවිරිදි කාන්තාවකි.
සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 21කට අධික ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
