NOKunu කණ්ඩායම විසින් දියත් කරනු ලබන කොළඹ, බේරේ වැව් ඉවුර පිරිසුදු කිරීමේ වැඩසටහනක් එළඹෙන 21 වැනිදා උදෑසන 08.00ට එම පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.
සමාජසේවිකා, ඉංජිනේරු සුමී මුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත මෙම වැඩසටහනේදී කිලෝමීටර්12ක වපසරියකින් යුතු බේරේ වැව් ඉවුරේ මීටර 500ක ප්‍රමාණයේ කොටස් විවිධ කණ්ඩායම් යටතේ පිරිසුදු කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව මේ සඳහා සහභාගි වීමට කැමැත්තක් ඇති සියලු දෙනා තම සනීපාරක්ෂාව සඳහා වූ අත්වැසුම්, මුඛ ආවරණ ඇතුළු අනෙකුත් අවශ්‍ය දෑ රැගෙනඑදිනට පැමිණෙන ලෙසට සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
කොළඹ මහ නගර සභාවේද සහයෝගයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටන පිළිබඳ වැඩිදුර තොරතුරු 0718293535 යන දුරකථන අංකයෙන් හා [email protected]යන විද්‍යුත් ලිපිනය හරහා ලබාගත හැකිය.
අවධානයට- ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අදාළ ආයතන බේරේ වැව් ජලය පිරිසුදු කිරීමේ නිරත වන බැවින්, වැඩසටහන සඳහා සහභාගි වන සාමාන්‍ය ජනතාව වැව් ඉවුර පිරිසුදු කිරීමේ කටයුතුවල පමණක් නිරත විය යුතුවේ.
