සහල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි පවසමින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
සහල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා නම් මුලින්ම සිදු කළ යුතු වන්නේ රටින් සහල් ගෙන ඒම නවතා දැමීම බවද එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේය.
එහෙත් දිගින් දිගටම සහල් රටින් ගෙන්වමින්, සහල් අතිරික්තයක් ඇති වන බවට පෙන්වාදෙමින් පාන් පිටි බද්දක් අයකිරීම පිළිබඳ දේශපාලනඥයන් ප්රකාශ සිදු කරන බවද ඔහු පවසා සිටියේය.
