බෙල් 212 හෙලිකොප්ටර් අනතුර පිළිබඳව සෙවීමට ගුවන් හමුදාවේ 09 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කළ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් 4ක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6 දෙනෙකුගේ දිවි බේරා ගැණින.