බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් රඳවා සිටි සිරමැදිරි තුනක සිදු කළ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් සහ අමතර සිම් කාඩ්පත් 04ක් සොයාගෙන ඇත.
කොස්ගොඩ තාරක, වෙලේසුදා සහ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවා සිටි සිරමැදිරි තුනක් මෙලෙස සෝදිසි කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
එහිදී සිර මැදිරි තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ සිම් කාඩ්පත් දෙකක් දැමිය හැකි ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 04ක්, අමතර බැටරි 04ක් සහ චාජර් 02ක් සොයාගෙන ඇත.
