බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇති බව අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
අවධානම් සහගත සැකකරුවන් සියලු දෙනා ඉදිරියේ දී බූස්ස බන්ධනාගාරයේ රැඳ වීමට කටයුතු කරන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර සිටියේය.
මේ අතර සිරකරුවන් 120 දෙනෙකුට රැකියා අවස්ථාවක් ලබා දීමට ඉදිරියෙදි කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවසයි.
ඉදිකිරීම් ක්ෂේත්රයේ සමාගමක් සමඟ එකතුව මෙය සිදු කිරීමට නියමිත අතර මොවුන්ට වැටුපක් ලැබෙන බවත් එම මුදල් ඔවුන්ගේ පවුලේ සුබසිද්ධිය සඳහා යෙදවීමට කටයුතු කරයි.
මෙම සිරකරුවන් 120ම වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් වන අතර මෙම පිරිස 250දෙනෙකුගෙන් තොරාගත් පිරිසක් බව ඒ මහතා සඳහන් කර සිටියේය.
මෙම පිරිස වසර 7ක් ක් දක්වා සිර දඬුවම් නියම වු පිරිසක් බවද ඔහු එහිදි පැවසීය.
