බුර්කා තහනමට අගමැති විරුද්ධ වන බවට වන චෝදනා අසත්‍යයි
ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.
ඉහත ප්‍රවෘත්තිය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුර්කාව තහනම් කිරීමට නීති පැනවීමට විරුද්ධ බවට ඇඟවීමක් ඇති කිරීමට උත්සාහ ගෙන ඇතැයි සඳහන්ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ බුර්කාව භාවිතය නැවැත්වීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායතුල් උලමා සභාව විසින් යෝජනාවක් සම්මත කරනු ලැබ ඇති බැවින් අධිකරණ අමාත්‍යවරිය එම සභාව සමග ද සාකච්ඡා කොට නීති කෙටුම්පත සැකසීම සිදු කරන බවත්ය.
popular news
-
ranjith Monday, 29 April 2019 03:48 AM
චන්ද කීපයකට කීදර කමට තමන්ගේ පක්ෂයත් රටත් වලපල්ලට ගෙන ගිය මනුස්සයෙන් දෙන නිකන් bඉල ගහනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

