ගල්කිස්ස බුද්ධි අංශ ස්ථානාධිපති සිය දිවි නසාගෙන
(UPDATE) බස්නාහිර පළාත් බුද්ධි අංශයේ ගල්කිස්ස කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රම ආරච්චිලාගේ මිල්ටන් සමරකෝන් මහතා ගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට තොරතුරු හෙළි වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර අසලින් ඔහුගේ රාජකාරි ගිනිඅවිය ද සොයා ගෙන තිබේ.
එම ස්ථානයේ වෙළෙඳසැලක මිදුලේ ඔහුට අයත් අංක HW-9274 දරණ යතුරු පැදිය නවතා තිබූ අතර, මෙම යතුරු පැදිය පෙර දින සවස සිට මෙම ස්ථානයේ නවතා තිබූ බව එම ස්ථානයේ පදිංචිකරුවෙකු පැවසීය. මියගිය පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (15දා) උදේ 7.00 ට පමණ නිවසින් පැමිණ ඇති බව පවුලේ අය පවසයි. පොලිස් පරීක්ෂකවරයා දිවිනසා ගැනීමට ඇතැයි සැලකෙන්නේ 15 වැනිදා රාත්‍රියේ දීය.
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු
..............................................................................
ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ බවට සැකකරන මළ සිරුරක් අතුරුගිරිය පොලිස් බලප්‍රදේශයේ, ගොඩගම පිහිටි වෙල්යායකදී හමු වී ඇති බව පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

