බිළිඳු දැරිවිය රු 20000ට විකුණලා
රුපියල් 20,000කට බිළිඳියක විකිණූ කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පෙරේදා (02දා) ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා උපකාරක සේවාව (1929) මගින් වාලච්චේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.
වාලච්චේන, පලෙයිනගර් ප්රදේශයේ අවුරුදු 20 ක කාන්තාවක විසින් පසුගිය මස (04දා) ත්රිකුණාමල රෝහලේදී ගැහැනු දරුවෙකු ප්රසූත කර තිබෙන අතර,එම දරුවා මෙසේ විකුණා තිබේ. දරුවා හදා වඩාගැනීමට නොහැකි බව පවසා තැරැව්කරුවෙකු මාර්ගයෙන් වාලච්චේන ප්රදේශයේම කාන්තාවකට මෙම විකිණීම සිදුකර තිබේ.
වාලච්චේන පොලීසිය විසින් ඊයේ (03දා) වාලච්චේන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර කාන්තාවන් දෙදෙනා සහ තැරැව්කරු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.
ළමයා මුදල් දී ලබාගත් කාන්තාවට අධිකරණය මගින් බැඳුම්කරයක් මත තාවකාලිකව දැරිය භාර දී ඇති අතර, නඩුව නැවත එළඹෙන 09 වැනිදා කැඳවීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

