රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කළුබෝවිල සහ බත්තරමුල්ල සුභූතිපුර මාවතේදීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 සහ 40 හි පසුවෙයි. හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රියක් සහ ත්‍රිරෝද රියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඡායාරූප ළහිරු හර්ෂණ





