හේනේගම කහටාන මුත්තෙට්ටුවවත්ත ප්‍රදේශයේ නිවසක ඝාතනය කරන ලද 28 හැවිරිදි මවකගේ හා අවුරුදු 3ක දියණියකගේ සිරුර හා නිවසේ වහලයේ එල්ලී මියගොස් සිටි ගෙහිමි සැමියාගේ සිරුර 01දා සවස 3.00ට පමණ හමුවු වු බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
බිරිද හා දියණිය ඝාතනය කොට සැමියාද දිවිනසාගෙන ඇති බව පොලීසිය සැකකරයි.
නිවසේ ඇඳමත තිබු බිරිඳගේ සිරුරෙහි තියුණු කැපුම් තුවාල ඇති බවත් දියණියගේ ගෙල ප්‍රදේශයේ සීරිම් සලකුණු ඇති බවත් පොලීසිය පවසයි.
එච්.ජී.දිල්රුක්ෂි වික්‍රමසිංහ (28) හා කේ.කේ.ෂනුදි සාවින්ද්‍යා (03) මෙසේ ඝාතනයට ලක්ව තිබිණ.
ගෙහිමියා වු සමන් පත්මසිරි (37) සැමියා සියදිවි නසාගෙන තිබේ.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගම්පහ රජයේ රෝහලේදී අද (02) දා සිදුකිරීමට නියමිතව තිබිණ.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් මත මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ, උපපොලිස් පරීක්ෂකවරුන් වන ආනන්ද හා රණවීර යන මහත්වරුන් ගම්පහ පොලීසියේ අපරාධ ස්ථාන පරීක්ෂණගාරය සමග එක්ව පරීක්ෂණ සිදු කරති.
කිරිඳිවැල - උපාලි රණවිර
