නිදහස් වෙළෙඳ කලාපයට ජලය ලබාදෙන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා හෙට (31දා) බියගම ප්‍ර‘දේශයේ ග්‍රාම නිලධාරී වසම් 14ක ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
උදෑසන 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 15කට අධික කාලයක් මෙම ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.
මේ අනුව බියගම උතුරු සියඹලාපේවත්ත, අළුබෝමුල්ල, දෙල්ගොඩ,අකුරුමුල්ල, කඳුබොඩ, උලහිටිවල, වල්ගම, යබරළුව, මල්වාන යන ග්‍රාම නිලධාරී වසම්වලට හා දොම්පේ, නාමළුව, දෙකටන, නාරම්මල, ගල්වලගොඩ, කළුකොඳයාව, ඉන්දොලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම්වලටද ජල සැපයීම අත්හිටුවනු ලැබේ.
